Monday, April 5, 2010

පුංචි යුද්ධයක්

වෙලාව ගියා  තමයි - කෑමත් ඉදිලා තමයි
බඩගිනි නම් මට නෑ - තව ටිකකින් කන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ.

සීතල වතුර තමයි - දිය බුං ගැහුව මදී
ගොඩ එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ

පිට්ටුව හරිම හැඩයි - හැදුවෙත් එකම එකයි
ගෙට එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ

කඩදහි ඔරැව මගේ - පාවෙයි වතුරෙ අගේ
ගෙට එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ

කිටියට සීතලයිනේ - ඒකයි වඩා ගත්තෙ
නැගිටින්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ

රෝදෙට හුලං ගැහුවෙ - හුග කාලෙකට පස්සෙ
එක රවුමයිනෙ පැද්දෙ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා  ෙහාද අම්මේ