Sunday, December 27, 2009

පුංචි සිතක් අඩයි මෙසේ .....


වන සතුනේ මොකද වුනේ - කොහෙද ඔයාලා ඉන්නේ?
ගස් වැල් ඇයි මැලවී මේ - දං බෝවිටි නැද්ද දෙන්නේ ?
සමනලුනේ පියාඹන්න තටු නැතිවද සැගව ඉන්නේ ?
නිල් දිය ඇයි කලු පාටට හීනි වෙලා ගලා යන්නේ ?


මහ වැස්සට එන්න බැරිලු අපේ පොළව තෙමාලන්න
කුරැල්ලන්ට එන්න බැරිලු මිහිරි ගීත කියා දෙන්න
මද සුළගත් එන්නෙ නැතිලු අපට සිසිල ලබා දෙන්න
ගස් නැතුවම මල් කොයින්ද මිහිරි සුවද පතුරවන්න ?


මද සුළගේ ඔබේ සිසිල පංකාවෙන් නෑ ලැබෙන්න
වැස්ස නැතුව අපි කොහොමද කඩදහි ඔරැ පාකරන්නේ ?
ඇලට දොලට ගහට කොලට පුංචි ළමයි ආදරෙයිනේ
කුරැල්ලනේ සමනලුනේ ඔයාලා අපේ යාලුවෝනේ


පුංචි අපිත් එක්ක එපා ඔය විදිහට තරහ වෙන්න
අපි වරදක් කලේ නැහැනේ වන අසපුව වෙනස් වෙන්න
අයියේ අක්කේ නංගි මල්ලි එකතු වෙන්න කාලෙ ඇවිත් !
සොබාදහම රැක ගන්නට එකතු වෙන්න කාලේ ඇවිත් !


ගස් වැල් වල හරිත සුවය අපේ නෙතට පෙනුනු දිනක
ඇල දොල වල සිසිල යළිත් ගත සිත නැහැවූ දිනයක
වනමල් වල නැවුම් සුවද මදනල ගෙන ආ දිනයක
කුරැල්ලනේ ගයමු ගීත එදිනට අප එක් වී හිද !



4 comments:

  1. Hi....Chandi ....You can post more and more I wish to you...
    Thushari

    ReplyDelete
  2. හරි ලස්සනයි ඇත්තටම. පොඩි ළමයෙක් කතා කරනව වගේ තමයි මට දැනුනේ. දිගටම මේ වගේ නිර්මාණ කරන්න හැකිවේවායි පතනවා. ඔබට ජය. :)

    ReplyDelete
  3. මේ මගේ ලොකු පුතා පුංචි කාලෙ හිතපු හැටි මට දැනුන විදිහට ඒ කාලෙ ලියපු එකක්. අවුරුදු 15 කට විතර ඉස්සර.

    ReplyDelete

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)