Wednesday, October 26, 2011

ගැහැණු කම

සරමක්ද?
කම්බායක්ද?
------------------------------------------
අපෝ!............... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!
---------------------------------------------------
දුවේ ගේ අතුගාලා දාන්න.
අක්කි මට තේ එකක් දානවද?
නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
------------------------------------------------------
ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
...........................................................
අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
අලුත් ලේලි කෑම රසට උයයි.
ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
----------------------------------------
කසාද බැදලද?
ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
--------------------------------------------
බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
.................................................................
මගේ ඇදුම් අයන් කරලද?
කෝ මගේ කෑම එක?
කෝ මගේ බෑග් එක.
මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
-----------------------------------------------------------------
වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
උදේට කාලා යමු
දවල් කෑම අරන් යමු
මගදි කන්නත් මොනවා හරි හදන්න
ඔය කඩවල් වල කෑම කන්න බෑ
--------------------------------------
ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
අම්මා හරි නංගි හරි එක්ක යන්න.
-----------------------------------
ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
------------------------------------------
බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
අපි පාටි එකකුත් දමමු.
------------------------------------

බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
මම යාළුවන්ටත් එන්න කිව්වා
හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
-----------------------------------------------

දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
බබා ඩේ කෙයා එකකට දමමු
ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
----------------------------------------------
අම්මේ බඩගිනියි
අම්මේ කට දනවා වතුර ඕනේ
අම්මේ කක්ක බරයි
අම්මෙ කලිසමේ චූ ගියා
අම්මෙ අයියා ගැහුවා
අම්මෙ මල්ලි කෙනිත්තුවා
---------------------------------
අම්මෙ මගේ පැන්සල කෝ?
අම්මෙ මගේ ඔළුව පීරන්න
අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
--------------------------------
අම්මෙ කෝ මගේ සපත්තු?
අම්මෙ කෝ මගේ පනාව?
අම්මෙ කෝ මගේ කෑම එක?
අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
------------------------------------------------
ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
----------------------------------------------------
අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
අම්මෙ බබා නෑව්වද?
බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
-----------------------------------
ආච්චි මේ ගවුම අන්දන්න
ආච්චි මගේ ඔළුව පීරන්න
ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
ආච්චි මට කතාවක් කියලා දෙන්න
ආච්චි මට කවියක් කියලා දෙන්න
ආච්චි මට බඩගිනියි.
ආච්චි මගේ ඇදුම් සේදුවද?
ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.............................................................

15 comments:

  1. මෙහෙම බලනකොටනම් සරදමක්ම තමයි.. :-/

    අම්මෝ.. බයත් හිතෙනව ඉස්සරහ ගැන හිතෙනකොට..

    ඇත්ත ඇති සැටියෙන්ම ලස්සනට ගලපල..

    ReplyDelete
  2. සමාජය හුරු උනු ආකරය.... හැසිරෙන ආකරය... කාන්තාවන්ට සම තැන කියල කෑ ගහන මේ සමාජයේම කාන්තාව.... බොහොම ලස්සනට ගලපල...

    ReplyDelete
  3. හැමෝටම දින පතාම අත්විදින්න වෙන සිද්ධියක් හරිම අපූරැයි ලියපු විදිය නම්.

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත...ටිකක් විතර ලැජ්ජයි....ඔතනින් දෙබස් වලින් කීයක් නම් මගේ කටිනුත් පිටවෙලා තියනවද ?.

    ස්තූතියි....

    ReplyDelete
  5. ගෑනුන්ට සම තැන ‍නොදී නිසි තැන දුන්න නම් ඔ‍හොම ‍වෙන්‍ නෑ.

    ReplyDelete
  6. අවාසනාවට ඇත්ත කථාවක් !!!!!

    ReplyDelete
  7. මොකක්ද දාන කමෙන්ට් එක කියලා හිතාගන්න බැරුව සිතුවිලි අගුල් වැටුනා..

    ReplyDelete
  8. බොහොම ස්තුතියි හැමෝටම. මෙච්චර කමෙන්ට්ස් මගෙ කිසිම නිර්මාණයකට තිබුනෙ නෑ

    ReplyDelete
  9. lIFE CYCLE!! of a female human.....

    ReplyDelete
  10. හපොයි මහ දිග ලැයිස්තුවක්නේ. පොඩි කාලෙ ඉඳල එකතු කරගෙන තිබිලා වගෙයි. කොහොම වුනත් දැන් කාලෙ හැටියට මේ ලැයිස්තුවෙන් සමහර ඒවා ඉවත් කරන්න අවශ්‍ය බව පෙනෙනවා. දැන් අම්මලා අක්කලා නංගිලා කාටත් පරිගණක තාක්ෂණය භාවිතයෙන් සන්නිවේදනයෙහි නිරත වීමට අවස්ථාව තිබෙන නිසා අදහස් කරනවා.

    ReplyDelete
  11. meka tamai ganunge jeewite

    ReplyDelete

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)