කොරෝනා වෙන් බේරෙමු!
හිතවතුනේ මෙහෙ බලන්න - මම කියනා දේ අහන්න
වසංගතෙන් බේරෙන්නට - මේ උපදෙස් පිළිපදින්න
එපා නිකන් ගමන් යන්න - නිවසට වී කල් ගෙවන්න
ඕනෙම නම් තනිව යන්න - මුව වැස්මක් පැළඳ යන්න
මීටරයක් දුර තියන්න - මිතුරු ඇසුර නවත්වන්න
එපා මුහුණ අතගාන්න - නිතර දැත් සෝද ගන්න
සබන් යොදා සෝදා ගන්න - හොඳින් දෑත් සෝදා ගන්න
වෙළඳ පොළෙන් ගෙනෙනා බඩු - හොඳින් සෝදලා තබන්න
සෝදන්නට බැරි දේවල් - තද අව්වේ වේලා ගන්න
තැපැල් පියුං ගේන ලියුම - විෂ නාශක ඉහළා ගන්න
චූන් පාන් ගේන කෑම - අවන් එකේ රත් කරන්න
200 ටම රත් කරන්න - රත් කරලා කන්න ගන්න
පිටත ගොසින් ආව විගස - හොඳින් දෑත් සෝද ගන්න
පිරිසිදු දෑතින් පමණක් - දොර අගුලට අත තියන්න
පාද වැසුම් එළියෙ තබමු - ඇඳපු ඇඳුම් සෝදා දමමු
නාලා පිරිසිදු වුනු පසු - පවුලේ අය වැළඳ ගනිමු
නාලා පිරිසිදු වුනු පසු - පවුලේ අය වැළඳ ගනිමු
No comments:
Post a Comment
ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)