Wednesday, June 3, 2026

මවකගෙ කදුළු

 පුංචි පැටව් ඉපදුනාම රජ කරන්න                      හිතනවා

මා නොදුටුව ලොව දකින්න උන්ට පාර කියනවා

හෙමි හෙමිහිට උන් දෙන්නම ජය ටැඹ වෙත ඇදෙනවා

කිරුළු පළන් මගෙ රජවරු ලෝකෙ හොඳින් දකිනවා

 

සම්මාන ද පදක්කම් ද මට කෝචොක්     කරනවා

මැදින් නැමුණු පොක් රාක්කේ බර වැඩි වී          හඬනවා

අතීතයේ සැමරුම් ගැන සේයා රූ                        කියනවා

ඒ සැමරුම් එක්ක ඇඳුණු කතා හිතේ       මැවෙනවා

 

කවදා හෝ මා බලන්න උන් ඒ යැයි        සිතනවා

නිවාඩු නෑ හරියට වැඩ හැමදාමත්                       කියනවා

ඔය කිව්වට හොරෙන්ම එයි මගෙ හිත මට           කියනවා

හැන්දෑවට කදුළු පිසන් දොර හෙමිහිට    වහනවා

 

පහුවදාට දොර ඇරියම කඩුල්ල මට        පෙනෙනවා

චූටි පුතා අයිය එක්ක කඩුල්ල ළඟ                      ඉන්නවා

පොත් බෑගුත් කරේ දරන් දෙන්නම අත   වනනවා

පරිස්සමින් ගිහින් එන්න මමත් හිතින්      කියනවා

 

පියවි ලොවේ නැති මිහිරක් මායාවේ       තියනවා

මායාවේ ඒ මිහිරට, මම දැන් පෙම්                      කරනවා

No comments:

Post a Comment

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)